ඊශ්‍රායල ජෙට් යානා ලෙබනන් නගරයකට ප්‍රහාර මාලාවක් එල්ල කරයි.

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දකුණු ලෙබනනයේ Ayta ash Shab නගරයේ නිවාස පිහිටි ප්‍රදේශයකට ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ගුවන් ප්‍රහාර මලාවක් එල්ල කර ඇති බව ලෙබනන් රාජ්‍ය මාධ්‍ය පවසයි.

ප්‍රහාරවලින් කෘෂි භෝග සහ නිවාසවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවත් , විදුලිබල හා ජල සම්පාදන ක්‍රම ඉලක්ක කර ප්‍රහාර දියත්කර ඇති බවත් වාර්තා වෙයි .

ඊශ්‍රායල ජෙට් යානා අසල්වැසි Ayta ash Shab හි Khalil Warde අවට ප්‍රදේශය ද ඉලක්ක කර ඇත. ඊට අමතරව ඊශ්‍රායලයේ ඔත්තු බැලීමේ ගුවන් යානා දකුණු ලෙබනනයේ Sidon, Naqoura, Chamaa, Majdal Zun සහ Tayr Harfa ප්‍රදේශ හරහා පියාසර කරනු නිරීක්ෂණය වූ බවද විදෙස් මාධ්‍ය පවසයි. නගරවාසීන් විශාල ලෙස පලා‍යමින් සිටිනා බව එම වාර්තා සඳහන් කරයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!