ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ද ? – හොඳ වෙලාවට සිංහලෙන් කිව්වේ (Video)

ඊලෝන් මස්ක්ගෙන් අපට ජීවිතයේ ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ලොවම පිළිගන්නා ව්‍යවසයකයෙක් වන ඔහුව ආර්ථික ඝාතකයෙක් ලෙසට එක් පුද්ගලයෙක් සඳහන් කල බවයි අමාත්‍යවරයා බදුල්ලේ දී සඳහන් කර සිටියේ.

උමා ඔයේ හිලක් ඇති බව සඳහන් කළේ එම පුද්ගලයන් බවත් ඊලෝන් මස්ක් ලංකාවට පැමිණියහොත් තරුණයන් දියුණුවන බවත් ඔහු පෙන්වා දුන්නා.

එම ප්‍රකාශය සිංහලෙන් කර ඇත්තේ හොඳ වේලාවට බවයි මනුෂ නානායක්කාර මහතා එහිදී කියා සිටියේ.

ඒ පිළිබඳව මෙතනින් ගොස් නැරඹිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!