සාකච්ඡාව ඉල්ලුවේ අයි.එම්.එෆ් එකත් එක්ක නෙවෙයි – හර්ෂ

තමන් ඉල්ලා සිටියේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක් වුවත්, නමුත් ආණ්ඩුව දෙන්න හදන්නේ මුල්‍ය අරමුදල සාකච්ඡාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ අද (11) දිනයේ දී ජනාධිපති කාර්යාලයේ දී කැඳවා ඇති මුල්‍ය අරමුදල සමග වන පක්ෂ විපක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කරමින්.

එහි දී ඔහු සඳහන් කළේ,‘මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ වලට ඉඩ දෙන්න කියල මම ඉල්ලුවා කියල. ඒක වැරදියි. මම කිව්වේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡා වලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසයි.

මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් කියන්නේ කණ්ඩායම් දෙකක්. දැන් අපි මොකටද? මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්නේ මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ?’ යනුවෙන්