ඉල්ලුම්කරුවන් මිලියන 20 හඬවා ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්කාර්ඩ් නතර කරයි.

වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකානු පුරවැසි බව ලබාදෙන’ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් නියෝගකර තිබේ.

මීට ආසන්න සිදුවීම පෙස බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම දක්වා ඇත . නොසුදුසු පුද්ගලයන් ඇමරිකාවට ඇතුළුවීමට මෙම ක්‍රමය භාවිත කරනා බව ට්‍රම්ප් හිතවාදීන් කලක සිට පෙන්වාදෙයි .

එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙසය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් නියෝග කර ඇත . මෙම වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය.

මෙම වසරේදී පමණක් ‘ග්‍රීන් කාඩ්’ සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව මිලියන 20 කට ආසන්න බව සඳහන් වේ.