ශ්‍රී ලංකා මුහුදු සීමාව අසලදී IRIS Dena නම් ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදෙස් මාධ්‍යට අදහස් දක්වයි . නවදිල්ලියෙහි පැවති India Today Conclave සමුළුවට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දක්වා තිබුනි .
ඇමරිකානු සබ්මැරීනයක් ඉරාන නෞකාවකට පහර දීම නීති විරෝධී ලෙස සැලකිය හැකි බවත්, එය ඉන්දියානු සාගරයේ දිගුකාලීන සම්මතයන් උල්ලංඝනය කරන බවත් මොහු එහිදී පෙන්වාදුන්නේය .
කොළඹ ආරක්ෂක සමුළුව සහ සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ මුලපිරීම් වැනි කළාපීය රාමු හරහා සහයෝගීතාව අලුත් කරන ලෙස ඉල්ලා සිටි නමල් රාජපක්ෂ, ඉන්දියාව ඉන්දියානු සාගරයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බවද පෙන්වා දුන්නේය .