ඉන්ධන මිල වෙනස් වෙයි. පෙට්‍රල් මිල ඉහළට. සුදු ඩීසල් පහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝදනය කර තිබේ .

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375ක් බවයි සඳහන් වෙයි .

මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306 කි .

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358ක් වන අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226ක් බවයි සඳහන් වෙයි .

ඒ අනුව එම නව මිල ගණන් පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *