ඉන්දීය විදේශ ලේකම් දිවයිනට පැමිනේ

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි බව වාර්තා වේ . එම නියෝජිත පිරිස රැගත් ඉන්දීය ගුවන් හමුදා යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට සතියකට පෙර මෙම ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *