ඉන්දියාව අද සුපිරි ක්‍රීඩාංගණයට මුල්ගල් තබයි

ඉන්දියාව තුළ තවත් සුපිරි පන්නයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල් තැබීම අද (23) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි විසින් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීමට නියමිතය.

ඉන්දියාවේ වාරානාසි හිදී මෙම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමටයි සැලසුම වී ඇති අතර, 2025 වසරේ දෙසැම්බර් වන විට මෙම ක්‍රීඩාංගණයේ සියලු වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කරයි.

ඉන්දීය රුපියල් කෝටි 451ක වියදමක් දරමින් ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 30,000කට අසුන්ගෙන තරග නැරඹීමේ හැකියාව පවතී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *