ආරක්ෂක රාජ්‍ය ඇමතිට තර්ජනය කළ අරගලකරුවාට ඇප නෑ

පසුගිය අරගල සමයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගලය සමයේ මෙම සැකකරු රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් සැකකරු පාර්ලිමේන්තු වරප්‍රසාද පනතද උල්ලංඝනය කර තිබෙන බවත්, ඇප පනතේ විධිවිධාන ද උල්ලංඝනය කර තිබෙන බවත් පෙන්වාදුන් රජයේ නීතීඥවරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු අගෝස්තු 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *