ආණ්ඩුවේ වෙසක් කළාපය විවෘත කරන්න ස.ජ.බේ දෙන්නෙක් ගිහින්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන හිමිද සහභාගී විය. ඊට අමතරව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ හිතවතුන් රැසක් සහභාගී විය.

ආණ්ඩු පක්ෂයේ හිතවතුන් අතර සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සමගි ජනබලවේගයේ හෝමාගම ආසනයේ ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ යන අයද සිටීම විශේෂත්වයකි.

එම දෙපොළ මේ ආකාරයෙන් ආණ්ඩුවේ වෙසක් කළාපයට සහභාගී වුවද පසුගියදා පැවති මැයි රැළිය අමතමින් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ දෙපිටකාට්ටුවේ ඉන්නවා නම් පක්ෂයෙන් යන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *