මතීෂ පතිරණගෙන් වැඩගන්නා හැටි දෝනී කියාදෙයි

චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරනා ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ දිනවල අයි.පි.එල් තරගාවලියේ කැපි පෙනෙන දස්කම් පෙන්වමින් සිටී. පසුගියදා මුම්බායි ඉන්දියන් පිල සමග පැවැති තරගයෙදී ඔහුගේ පන්දු යවීම චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය ගෙන දීමට සමත් වීමත් සමග අයි.පී.එල් තරගාවලියේ වඩාත් අවධනය දිනාගත් ක්‍රීඩකයා බවට මතීෂ පත්වෙමින් සිටී.

මතීෂ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි පවසනුයේ මතීෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකර එක්දින සහ 20 – 20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය .

“මම කැමතියි මතීෂ පතිරණ රතු පන්දු වෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරනවානම්, ඔහු එක්දින තරග ක්‍රීඩා කළ යුතුයි.ඒ වගේම සියලුම ICC තරඟාවලි වලට ක්‍රීඩා කරනවාට, ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි” මහින්ද්‍ර සිං දෝනී පැවසීය.

මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව මතීෂ පතිරණ සිය ඕවර 4කදී ලකුණු 3/15ක් දවා ගත්තේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *