අළුත් භූ තැටියක් නිර්මාණය වීම නිසා ශ්‍රී ලංකාවට භූමි කම්පා අවධානමක්

ලංකාවේ දක්ෂිණ කොටසේ ගැඹුරු මුහුද ආශ්‍රිතව අළුතින් භූ තැටියක් නිර්මාණය වෙමින් පවතින බවත්, එමනිසා ශ්‍රී ලංකාව අවට කළාපයේ භූ කම්පන් ඇතිවීමේ ඉඩක් පවතින බවත්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සෙනාරත්න පවසයි. අනිත් ප්‍රදේශවලට සාපේක්ෂව බස්නාහිර පළාතේ උස් ගොඩනැගිළි බහුල බැවින් එම පළාත ආවරණය වන පරිදි ගොඩනැගිළි පරීක්ෂාවක් සිදුකළ යුතු බවත්, එමගින් අවදාන සහිත ගොඩනැගිළි ඉවත් කළ හැකිවනු ඇති බවත් ඔහු පවසයි.

කොළඹ නගරය පිහිටා ඇත්තේ පාෂාණ තට්ටුවක් මත නොවනා බවත්, ඊට හේතුව වසර හතලිස් දහසකට පමන පෙර වර්තමාන කොළඹ නගරය කළපුවක් ලෙස පැවතීම බවත් මාහාචාර්ය සේනාරත්න පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *