අවුකන පිළිමයට සිවුරු ඇන්දවයි. සීගිරි අප්සරවන්ටත් බ්‍රෙසියර් අන්දවන්නට යෝජනා

අනුරාධපුර ඉතිහාසයක අවුකන බුදු පිළිම වහන්සේට සිවුරු පැලදවීමේ පූජෝත්සවයක් පවත්වා තිබේ. මීට අදාල චායාරූප ඊයේ පස්වරුවේ සමාජ මාධ්‍යට මුදාහැර ඇත .

සමාජ මාධ්‍ය පරිශීලකයන් එකී ක්‍රියාව බරපතල ලෙස විවෙචනය කරාමින් සිටිනා අත‍ර සීගිරි අප්සරාවන්ටත් බ්‍රෙසියර් ඇන්දවිය යුතු බවට ඇතැමුන් යෝජනා කර තිබේ.

ලෝක ප්‍රකට බෞද්ධ කලා නිර්මාණයක්වන අවුකන පිළිමයට සිවුරු පෙරවීම ව්‍යාපාරික අරමුණක් සහිත බව සමාජ මාධ්‍ය හී සංසරණය වන පෝස්ටු බහුතරයක් මගින් කියා පායි. එම අවස්ථාව දැක්වෙන චායාරූප පසුබිමේ බෞද්ධ භික්ෂුවක් සිටිනා ආකාරය දැකගත හැක.

බැනරයේ චායාරූපය චතුර නයනජිත්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!