අලි සබ්‍රිට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට අද (06) දිනයේ සිට, ඉදිරියට මාසයක කාලයක් පාර්ලිමේන්තු සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් ලෙසයි.

අදාළ මන්ත්‍රීවරයාගේ නොමනා ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023.08.25 වැනි දා පාර්ලිමේන්තුව දැනුම් දී ඇති කරුණු මත පදනම්ව ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!