පොලොන්නරුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ .
පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්රදේශයේදී පොළොන්නරුව දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ .
ගම්පහ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග විය.