අධික උණුසම 11 දෙනෙකුට මරු කැඳවයි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ ප්‍රාන්තයේ පැවති භූෂන් සම්මාන උළෙලට සහභාගීවූ එකොළොස් දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් මිය ගිය බවත් තවත් 30 දෙනෙක් පමණ විජලන තත්ත්වයෙන් රොහල් ගතකරන ලද බවත් මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසීය.

නවී මුම්බායි හි විවෘත පිටියේදී පැවති මෙම සම්මාන උළෙලෙ පැවැත්වෙන අවස්ථාවේ එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා තිබුන බව කාලගුණ වාර්තා තහවුරු කරයි. දස දහස් ගණනක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර කිසිදු ආවරණයක් නොමැතිව එළිමහනේ රැස්ව සිටි පිරිස දැඩි උෂ්ණත්වයට සෘජුවම ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා අකරයි.

මෙවැනි උත්සවයක් පැවැත්වීමට මෙතරම් උණුසුන් සහිත කාලගුණ තත්ත්වයක් සහිත අවස්ථාවක් තෝරාගැනීම පිළිබඳ විපක්ෂ කණ්ඩායම් ප්‍රාන්ත රජය දැඩි විවේචනයට ලක්කරමින් සිටී. මියගිය 11 දෙනාගේ ජීවිතවල වගකිම ප්‍රාන්ත රජය භාරගත යුතු බව ඕවුහු පවසති.

පළාත් ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්ඩේ එම්.ජී.එම් රෝහලට ගොස් ප්‍රතිකර ලබනා රෝගීන්ගේ සුවදුක් විමසූ අතර මෙය අවාසනාවන්ත හා වේදනාකාරී සිදුවීමක් ලෙස ඔහු හැඳින්වීය. මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවනා බවද ඔහු ප්‍රකාශයට පත්කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *