අධ්‍යාපනයේ ලොකු වෙනසක්. වසරටම එක වාර විභාගයයි

ලබන වසරේ සිට වාර විභාග පැවැත්වීමේ වෙනසක් කරනා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඒ අනුව වාරයක් පසා පවත්වමින් තිබූ වාර විභාග වසරකට එක් විභාගයක් දක්වා අඩු කරනා බව ඔහු සඳහන් කළේය . ඊට අමතරව දැනට භාවිත කරනා පෙළ පොත්වලද වෙනසක් කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය .

හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *