සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති සිරිමාවෝ බණ්ඩරනායක විද්‍යාලයේ වර්ණ රාත්රියේදී සිසුවියක විදුහල්පතිනිය විසින් තමාට කළ අසාධාරණයක් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධ සිදුවීම පිළිබඳව උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනා විදුහල්පතිතුමියගෙන්ම වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි. චූදිත තැනත්තියගෙන් වාර්තාවක් කැඳවීම මේවන විටත් සමාජ මාධ්‍යහී බරපතල විවේචනයට ලක්වෙමින් පවති .
මෙවැනි සිදුවීමකට අදාලව චූදිත විදුහල්පතිනියගෙන් කරුණු විමසීම වින්දිත සිසුවියට අසාධාරණයක් බව සමාජ මාධ්‍ය පරිශීලකයෝ බහුතරයක් පෙන් දෙති . අමාත්‍යංශය මගින් පත්කරනා මධ්‍යස්ත කමිටුවක් මගින් සාධාරණ විමර්ශණයක් කරනු වෙනුවට විදුහල්පතිනියගෙන් කරුණු විමසීම මගින් අධ්‍යාපන අමාත්‍යංශය බලාපොරොත්තු වනුයේ කුමනාකාරයක සාධාරණයක් දැයි ඕවුහු ප්‍රශ්ණ කරති .
කෙසේ වෙතත් අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කර ඇත ..