අතවර කළ කොස්තාපල්වරියට බලපෑම් කළ කල්පිටිය OIC රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මීට පෙර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට ඇප නියම කරන ලදි. එහෙත් පසු අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස වින්දිත කොස්තාපල්වරියට සැක කරු විසිස්න් තර්ජනය කර ඇත.

පැමිණිලිකාරියට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිධාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තාවේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!