අඩු මිලට තෙල් දෙන්න.Shell සමාගම නැවතත් ලංකාවට එයි.

එක්සත් ජනපදයේ Shell PLC සමාගමට අනුබද්ධ RM Parks සමාගම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

සමාගම ඉන්ධන මිලකට ඉන්ධන වෙළෙඳපොළට පිවිසෙන බවත් ඒ අනුව ඉන්ධන සඳහා අවම මිල සමාගමේ පිරවුම්හල්වලින් අය කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

RM Parks තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කරන අතර, ඔවුන් ළඟදීම ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට නියමිතයි.

පසුගිය ජුනි මාසයේදී RM Parks විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා වසර 20ක ගිවිසුමක් අත්සන් කරන කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *