ආදර සම්බන්ධයක් බිඳවැටීමෙන් උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි රත්නපුර ඇළපාත පොලීසිය පවසයි. විශ්වවිද්‍යාල සමයේ සිට පැවති ප්‍රේම සම්බන්ධය විවාහයකින් අවසන් කිරීමට බාධා සිදුවීම නිසා මේ ඝාතනය සිදු වී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.
රත්නපුර, ඇළපාත, දෙල්ලබඩ, කරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි උපාධිධාරි පෙම්වතිගේ නිවෙසේදී ඇගේ ගෙල කපා ඇත්තේ ඊයේ (29)උදෑසන 6.00 ත් 7.00ත් අතර කාලයේදී බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි