චීන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගයේ මීටර් 400 ඉසව්වේ පළමු තැන ලංකාවේ අරුණ දර්ශනට

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ,ලෝකඩ වර්ණ ලේබලය යටතේ ක්‍රියාත්මක වන “Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය ලබා ගන්නට අරුණ දර්ශනට හැකියාව ලැබී තිබෙනවා.

තත්පර 45. 48න් ඉසව්ව නිමා කරමින් අරුණ මෙම ජයග්‍රහණය ලබාගත්තා.

ඔහුගේ හොඳම කාලයන් පිළිබඳව විමසා බලන විට එය දෙවැනි වන්නේ,ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වන තත්පර 45.30 ට පමණි.

අරුණ හෙට (29) දිනයේදී මීටර් දෙසීය ඉසව්වට සහභාගී වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!