විමල් ‘විජයදාසට’ කුරුමානම් අල්ලයි

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සුදානම් නම් ඔහුට සහාය දීමට විමල් විරවංශ මහත්ය ඇතුළු පිරිසක් සුදානම් වනවා.

ඔවුන් මීට පෙරද උත්සාහ කළේ රජයේ අමාත්‍යවරයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවීම සඳහායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් පසුගිය දා ඉල්ලීමක් ද කළා.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!