WhatsApp පණිවිඩ නිසා තරුණයෙකුට මරණ දඬුවම

පාකිස්ථානයේ තරුණයෙකුට WhatsApp පණිවිඩ මගින් දෙවියන්ට අවමන් කිරීමේ චෝදනාව මත එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා..

ඔහු මුස්ලිම් ජාතිකයින්ගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ අරමුණින් අපහාසාත්මක ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කර ඇති බවයි එරට පන්ජාබ් පළාතේ අධිකරණය සඳහන් කර ඇත්තේ.

මෙම නඩුවට අදාළව තවත් 17 හැවිරිදි තරුණයෙකුට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

තීන්දුවේ සඳහන් කර ඇත්තේ මුහම්මද් නබිතුමා සහ ඔහුගේ භාර්යාවන් පිළිබඳ අපහාසාත්මක වචන අඩංගු ඡායාරූප සහ වීඩියෝ සකස් කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කළ බව යි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!