මෙක්සිකෝවේ පළමු වතාවට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වීමේ උණුසුම මැකී යෑමටත් පෙර නාඳුනන පිරිසක් විසින් බටහිර මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ ඉරණමට ගොදුරු වී ඇත්තේ බටහිර මෙක්සිකෝවේ මිචාඕකැන් ප්‍රාන්තයේ කොටිජා නුවර නගරාධිපතිනිය වන යොලන්ඩා සැන්චේස් ෆිගරෝවායි.
ඇය සිය ආරක්ෂක නිලධාරියා සමග ශාරිරීක යෝග්‍යතා මධ්‍යස්ථානයේ සිට නිවෙස බලා යමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.