ගියේ රට රැකියාවට – ඒත් මව්බිමට ගෙනාවේ රන් පදක්කමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත කට්ටන්ගේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් රට රැකියාව සඳහා මැලේසියාව වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මුතුකුමාර කපිල ප්‍රසාද් කුමාර යන නමින් හඳුන්වන ඔහු 27 හැවිරිදි වියේ පසුවනවා.

ඔහු පවසන්නේ රට රැකියාව සඳහා ගිය ස්ථානයේ සිලම්බම් (SILAMBAM ) යන ක්‍රීඩාව උගන්වන ගුරුවරයෙක් සිටි බවයි.

එම ගුරුවරයාගේ නම සිවරාජ් විජේසේකර.

නිවාඩු දිනවලදී එම ගුරුවරයා පවත්වන පන්තිවලට සහභාගී වූ බවත්,ඔහු නිතරම ඒ පුහුණුවීම්වල නිරත වූ බවත් ඔහු සඳහන් කරනවා.

පසුගිය 25වනදා පැවැත්වුණු ජාත්‍යන්තර සිලම්බම් තරගයට මුතුකුමාර තේරීපත් වී තිබෙනවා.

එම තරගයේ ශූරතාවය දිනාගනිමින් රන් පදක්කම් දිනාගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

මුතුකුමාර කපිල ප්‍රසාද් කුමාර වැඩිදුරටත් පවසන්නේ ,

”මගේ මව් රටට රන් පදක්කම් හිමිකරදීමට හැකිවීම ගැන මං ගොඩක් සතුටු වෙනවා.මට මේ රන් පදක්කම දිනාගන්න උදව් කරපු මගේ ගුරුවරයාටත්,පව්ලේ යටත් ,යහලුවන්ටත් මං ස්තූතිවන්ත වනවා” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!