අතිශයින් ජනාදරයට පත් ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා“ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා අති උත්කර්ශවත් අයුරින් කුරුණෑගල “දි එපිටම්“ හෝටලයේදී ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මෙම සමුළුවේදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජයන්ත කෝවිලගොඩගේ මහතා කියා සිටියේ ඉදිරියේදී මෙවැනි ව්‍යාපාරික සහ ආයෝජන සමුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නැංවීම සඳහා මෙවැනි දැනුවත් කිරීමක් සිදුකිරීම ජාතික අවශ්‍යතාවයක් බවට වර්තමානයේ පත්වී තිබෙන බවයි.
මෙහි ප්‍රධාන දේශනය ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යවසායක මහේන්ද්‍ර ජයසේකර මහතා විසින් සිදුකළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරු, එන්.ඒ. අරුණ විජේසිරි මහතා
“ආයෝජන අවස්ථා හඳුනා ගනිමු. අපයෝජන බැහැර කරමු“ යන මාතෘකාව යටතේ මේ වනවිට වර්ධනය වෙමින් පවතින වංචා සහගත ආයෝජන මොනවාද? ඒවායින් ගැලවෙන්නේ කෙසේද? යන්න පිළිබඳව ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් කළා.
එසේම, NDB වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රුවන් පෙරේරා මහතා විසින් මුදල් වෙළෙඳපොළ අරමුදල්, කොටස් වෙළෙඳපොළේ සහ ඒකක භාරවල ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභයක් ලබාගන්නේ කෙසේදැයි පැහැදිලි කර දුන් අතර අන්තර් ජාල ව්‍යවසායක ජනිත් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ අන්තර් ජාලයෙන් ඩොලර් උපයන ආකාරය කියාදුන් දේශනය බොහෝ දෙනෙකුගේ සිත් ගත්තා.
ගනුදෙනු ඩිජිටල්කරණය ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන්නේ කෙසේදැයි මෙම සමුළුවේදී පැහැදිලි කර දුන්නේ LankaPay ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ගෝලීය මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හර්ෂ ද සිල්වා මහතායි.
ලංකා බිස්නස් ටී.වී. කුරුණෑගල ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට සහභාගී වූ ව්‍යවසායකයින් පැවසුවේ ඉතාමත් ඉහළ ලෙස මෙම සමුළුව සංවිධානය කර තිබුණු අතර ඉන් බොහෝ දේ ඉගෙනීමට ඔවුන්ට හැකිවූ බවයි.
මෙම සමුළුවට සහභාගී වූ අයෙකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවුණා.