පිලිපීනයේ “කනියවොන්” ගිනි කන්ද පුපුරයි

මධ්‍යම පිලිපීනයේ “කනියවොන්” ගිනි කන්ද පෙරේදා (03) පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගිනි කන්ද පුපුරා ගිය දිනයේ පැය 24ක කාලයක් තුළ ගිනි කන්ද ආශ්‍රිතව භූමිකම්පාවන් 43ක් හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍යයේ වැඩිදුරටත් දැක්වෙනවා.

“කනියවොන්” ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ගුවන් ගමන් 60කට අධික සංඛ්‍යාවක් අවලංගු ක‍ර ඇති බවත් එමෙන්ම ගිනි කන්ද අවට වාසය කළ දහස් ගණනක් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පිලිපීන බලධාරීන් කටයුතු කර ඇති බවත් වාර්තා වෙනවා.

එමෙන්ම අදාළ ගිනි කන්ද පුපුරා යෑමත් සමග සැතපුම් තුනක් උසට අළු ධාරාවක් අහසට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!