අතුරු තහනම් නියෝගය නිසා වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක්

‘ඔන්ලයින් වීසා’ (Online Visa) නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමග ‘ඔන්ලයින් වීසා’ නිකුත් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව හා අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව පවසන හර්ෂ ඉලුක්පිටිය, මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් සමඟ සාකච්ඡා කරන බව ද සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දිනයේ සිට වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බව හා එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවයි.