මාස තුනකට රුපියල් මිලියන 1400ක ආදායමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට, අද දිනයේ සිට ක්‍රියාත්මක විය හැක්කේ ගුවන් තොටුපලේදී දින 30 ක පමණක් වලංගු on arrival visa නිකුත් කිරීම හා මාස 6 සංචාරක විසා නිකුත් කිරිම පමණයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාස කිහිපයේ ක්‍රියාත්මකව තිබු අවුරුදු 2 – 5 ආදී කාණ්ඩ 17කින් යුත් නේවාසික වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තුල අත් හිටුවීමට සිදුවන බවයි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාස තුනක ආදායම රුපියල් මිලියන 1400ක් බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!