විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව දැනුම් දුන් අතර ඉල්ලා අස්වීමට හේතුව මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට බවයි සඳහන් කළේ.

තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බවත් එහිදී ඒ මහතා පැවසුවා.