හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ඇතුළු පිරිසේ මරණීය දණ්ඩනය ස්ථිරයි – ජනාධිපති සමාවක් ?

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි එහිදී සඳහන් කෙරුණේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විත්තිකරුවන් ජනාධිපති සමාවක් වැන්නක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට දඬුවම ක්‍රියාත්මක වන දිනය ඉතා වැදගත් යැයි පෙන්වා දුන් අතර දඬුවම ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ තීන්දුවක් ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.