විදේශ ගත ශ්‍රමිකයින් එවන මුදල් 14%කින් ඉහළට

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සන්සන්දනය කර බලන විට මෙය සියයට 14ක ඉහළ යාමක්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව ගතවූ කාලය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 9691.4 ක මුදලක් මෙරටට එවා තිබෙන බවයි සංඛ්‍යාලේඛන .පෙන්වා දෙනවා.

නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සදහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදිම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සදහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.