ඉකුත් 05 වැනි දා නවගමුව ප්‍රදේශයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වෙළෙඳසැලකට කඩා වැදී වෙඩි තබා සාපරාධී බිය ගැන්වීමක් සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ දී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් එම වෙඩි තැබීම සඳහා ගිය ස්කූටර් වර්ගයේ යතුරු පැදිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාළඹේ ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ යතුරු පැදියේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් යතුරුපැදියේ අංක තහඩු දෙක කඩුවෙල ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබිය දී සොයා ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ වයස අවුරුදු 32 සහ 35 යන වයස්වල පදිංචි කලංකුට්ටිය සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.