බැංකු දෙකක් කඩා කැසිනෝ ගහලා – දෙකම ග්‍රාමීය බැංකු

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සමග මුදල් සහ ජා ඇල ප්‍රදේශයේ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් තොගයක් සොරාගෙන ගොස් තිබුණා.

එලෙස සොරකම් කළ බව කියන තරුණයා බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගැනුණේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක් පමණ වයස තරුණයෙකි.

එම තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින්නකු බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදුකර ඇති බවයි.

එමෙන්ම බැංකු දෙක කඩා සොරා ගත් රන් භාණ්ඩ තොගය විකුණා ලබාගත් මුදල්වලින් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් ක්‍රීඩාවට කැසිනෝ ක්‍රීඩා කළ බවත් හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

වෙන්නප්පුව අංගම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා ඒ තුළ තිබියදී සොරා ගත් මුදල්වලින් කොටසක් වියදම් කර මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!