ජාතික කම්කරු ආයතනයට අයත් වෘත්තීය සමිතියට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල දේපලක් බදු දීමට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇති විමර්ශනවලට අදාලව ප්‍රකාශ ලබාදෙන ලෙසට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ජයලාල්ට අවස්ථා කිහිපයකදී දැනුම්දී ඇති නමුත් මෙතෙක් ඔවුන් ප්‍රකාශ ලබාදී නැතැයි පොලීසිය ගල්කිස්ස අධිකරණයට දැනුම්දී තිබෙනවා.
නියෝජ්‍ය කම්කරු අමාත්‍ය සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්ට තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව පොලීසිය අධිකරණයට ප්‍රකාශ කර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ ඉල්ලා ඇත්තේ එම ඉඩම රුපියල් ලක්ෂයකට බදු දී ඇති බවට ඔප්පුවේ සඳහන් වන නිසා බවද පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.
2020 පෙබරවාරි 10 වැනිදා සිට බදු ඔප්පු තුනක් මගින් ජයසිංහ මහතාට සහ ජයලාල් මහතාට අදාල දේපළ බදු දී ඇතැයි පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කිසිදු බලයක් නොමැති පුද්ගලයෙක් විසින් මෙම ගොඩනැගිල්ල බදුදී ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දැනුම් දී දුන්නා.
පරීක්ෂණ ඉදිරියට ගෙන යන ලෙස නියෝග කළ අධිකරණය මීළග නඩු වාරයේදී පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටද නියෝග කළා.