අහපත් කාලගුණ තත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට මුලදීම විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් නිසා එම දෙපාර්තමේන්තු දෙක අතර අර්බුදයක් ඇතිව තිබේ.
උසස් පෙළ විභාගය කල් දමන ලෙසට වන කිසිදු යෝජනාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ඉදිරිපත්ව නොතිබූ බවද විභාග කොමසාරිස්ග ජනාරල්වරයා ප්‍රකාශ කර සිටී. එවැනි තත්වයක් තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා පුද්ගලික මාධ්‍ය ආයතනයක් හමුවට පැමිණ අසත්‍ය ප්‍රකාශ කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
ආපදා තත්වය හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා පැවති සාකච්ඡාවේදී උසස් පෙළ විභාගය කල් දැමීම සම්බ්නධයෙන් කිසිදු අවධානයක් යොමුව නැත. මෙවැනි තත්වයක් හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා අසත්‍ය ප්‍රකාශ කිරීම රාජ්‍ය ආයතන අතර සහයෝගිතාවයට බාධාවක් බවද විභාග කොමසාරිස් ජනරල්වරයා වැඩිදුරටත් සදහන් කරයි.