පාසල් සිසුවෙක් අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ 2 අදියරයට සමගාමීව සෝදිසි මෙහෙයුමක් අද (04) උදෑසන අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේදී සිදුකළා.

ඒ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්ව සිටියා.

එහිදී පාසල් ශිෂ්‍යයෙක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 5 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!