මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම අද (05) සිදුකෙරුණා.
සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත්වුණා.
කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වීම සිදුකෙරුණා.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ධුරය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හොබවනවා.