රට රැකියාවෙන් පසු යළි සිය නිවසට ගිය එක්දරු මවක් මුහුණ දුන් ඛේදජනක අනතුර

පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් තෙවසරකට පසු සිය නිවස වෙත යමින් සිටි අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය වසර 03කට ආසන්න කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට පැමිණ යළි සිය නිවස වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

පැල්මඩුල්ල ප්‍රදේශයේදී ඔවුන් ගමන්කරමින් තිබූ ත්‍රීරෝද රථය බසයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව වාර්තා වනවා.

ත්‍රීරෝද රථයේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණා.

අනතුර සිදුව තිබුණේ පැල්මඩුල්ල පොලිස් වසමේ රිල්හෙන ප්‍රදේශයේදී.

අනතුරින් බස් රථයේ ගමන්කළ 10 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්කළ මියගිය කාන්තාව ඇතුලු මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් පැල්මඩුල්ල, කහවත්ත, සහ රත්නපුර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කළ පසු බරපතල තුවාල ලබා සිටි කාන්තාව මියගොස් තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!