විදෙස් තරුණියගේ බෑගය සොරාගත් සැකකරු රිමාන්ඩ්

පස්සර බස් රථයේදී එංගලන්ත ජාතික තරුණියගේ වටිනා බෑගයක් සහ මුදල් සොරාගත් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

සොරකම් කළ භාණ්ඩ සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි විදෙස් තරුණිය ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයකට නැග තිබෙනවා.

පසුව සිය ගමන් බෑගය බසයේ තබා තිබියදී සැකකරු විසින් රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපළ අඩංගු බෑගය සොරාගෙන ගිය බවට සැකකරු කරුණු ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

බස් රථයේ සවිකර තිබූ cctv කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප මගින් සිදුකළ විමර්ශනවලින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

” Under The Same Skye ” නමින් Youtube චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!