මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් සිටි 16වන වියේ පසුවන දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබියදී ඊයේ (08) එම සිරුර නිවිතගල පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වටාපොත, යොවුන් ගම්මානය ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි සොයාගෙන ඇත්තේ.
මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට තිබෙනවා.
ඒ හේතුවෙන් දැරියට වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පොලීසිය පවසනවා.
වෙළෙඳසැල වෙත පැමිණීම ප්රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරිගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.
ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය මේ මොහොතේ සැකකරුනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.