අල්ටෙයාර් සංකීර්ණයෙන් ඇද වැටුණු සිසුන්ගේ මරණවල සැකයක්

අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැක සහිත බව මියගිය සිසුවාගේ පියා නීතිඥරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (08) කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී පෞද්ගලික පැමිණිල්ලක් කිරීමට ඉඩ දීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අවශ්‍යනම් මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නීතිඥවරයාට පවසා තිබෙනවා.

තම සේවාදායකයාගේ පුතා මෙම සිද්ධියෙන් මියයාම සම්බන්ධයෙන් සේවාදායකයාට සැකයක් මතුව තිබෙනවා.

එබැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව පැමිණිල්ලක් කිරීමට සිය සේවාදායකයාට අවස්ථාව සලසා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන කරන බවත්, එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇති බවත්, මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!