හැමදාටම මහින්දට කඩේ යනවා – සුමිත් උඩුකුඹුර වේදිකාව උඩ ඉඳන් කියපු කතාව

වර්තමානයේ ක්‍රියාත්මක වන අසාධාරණ බදු ප්‍රතිපත්තිය සරල කර සාමාන්‍ය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේදී පැවැති ජනරැලියට එක්වෙමින් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසුවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර එම ජන රැලියට සහභාගී වී සිටි අතර එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලංකා ඉතිහාසයේ ළාබාලම ජනාධිපති අපේක්ෂකයා මෙවර අපේ පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදී භාර දුන්නේ චීනයට පමණක් දෙවැනි ආර්ථික වර්ධනයක් ඇති රටක්න බවත් නමුත් යහපාලන රජය විසින් ඒ තත්ත්වය කණපිට හැරෙවූ බවත් ඔහු පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා අපිට අපේ රට සුරක්ෂිත කරදුන් නිසා අපි එදත්, අදත් හෙටත් මහින්ද මහත්තයා වෙනුවෙන් කඩේ යනවා යනුවෙනුයි එහිදී ඔහු අවධාරණය කළේ.