ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර ඊයේ (06) පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.
කොළඹ තුරඟ තරග පිටියේ පැවති මේ තරගයේදී දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි වුණා.
කෙසේවුවත් ශ්‍රී ලංකා පිලට ගෝල් ලබා ගැනීමේ ආසන්න අවස්ථා 7ක් ගිලිහී ගිය අතර, කාම්බෝජියා පිලට එවැනි අවස්ථා 2ක් අහිමිවී ගියා.
මෙහි දෙවැනි අදියරේ තරගය මේ මස 10 වැනිදා කාම්බෝජියාවේදී පැවැත්වීමට නියමිතයි.
වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කාම්බෝජියාව 180 වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 205 වැනි ස්ථානයේ පසුවනවා.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම වෘත්තීය මට්ටමේ හොඳ සටනක් ලබාදීම කැපී පෙනුනා.
දෙරට අතර 2001 මාර්තු මාසයේදී පැවති ශ්‍රී ලංකාව හා කාම්බෝජියා අතර තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල් 1-0ක ජයක් අත්කරගත් අතර, 2016 ඔක්තෝබර් මාසයේ පැවති තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තා.
ශ්‍රී ලංකා පාපන්දු පිලේ නව පුහුණුකරු ක්වේට් ජාතික අබ්දුල්ලා අල් මුතේරි මහතා තරගයෙන් අනතුරුව පැවසුවේ තමන් කණ්ඩායම භාරගෙන දින 10ක් ඇතුළත වෙනස් තරග රටාවකට ශ්‍රී ලංකා පිල අවතිර්ණ කිරීම පිළිබඳ සතුටට පත්වන බවයි.