ත්‍රිරෝද රථයට පොලිසියෙන් වෙඩි – දෙදෙනෙක් මරුට

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

ත්‍රිරෝද රථය තුළ සිටි තවත් අයෙක් පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය සිදුකළ අණ නොතකා පොලිසිය දෙසට වෙඩිතබා පළා ගොස් ඇති බවත් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ත්‍රිරෝද රථය හඹාගොස් සිදුකළ වෙඩිතැබීමකින් මෙම දෙදෙනා මියගිය බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!