පොලිසිය කුඩු ජාවාරම්කරුගේ නිවසට පනී – පොලිස් මහත්තයෙකුත් ඒ ගෙදර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග කිලිනොච්චිය ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනකු කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විවේකය ලබා සිටි අයෙකු බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ නිවසේ සැකකටයුතු පුද්ගලයින් පිරිසක් රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රියේ එම නිවස වටලා සෝදිසි කර තිබෙනවා.

එම අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100 ක් සහ ඩ්ජිටල් තරාදියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාට අමතරව එම නිවසේ තවත් සිව් දෙනෙකු සිට ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ පුද්ගලයින් අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයාද සිටි බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!