පොලීසියත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කර තිබෙනවා.

ඊට හේතුව වන්නේ 2016 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් පැය කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ගෙන සිටීමයි.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිවයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 25,0000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බව නියෝග කළා.

ඊට අමතරව රජය රුපියල් 10,000ක වන්දියක් ගෙවිය යුතු බවටත් අධිකරණය නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!