අකුරණ අවන්හලක ඇති වූ ගින්නට හේතුව එම ගොඩනැගිල්ලේ බේකරි නිෂ්පාදනාගායේ තිබූ විදුලි උඳුන්වලට විදුලිය සපයන පද්ධතියේ සිදුවූ විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරනවා.
ගින්න සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
එම අවන්හල අසල පිහිටි අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි වී ඇති බව පොලීසිය පවසනවා.
අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ඊයේ (05) උදෑසන 6.30ට පමණ ගින්න හටගෙන තිබුණා.
එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ (A9) මාර්ගය ද ඊයේ පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තාවකාලිකව වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය විවෘත කෙරුණා.
ගින්නෙන් කිසිදු පුද්ගලකට හානියක් සිදු වුයේ නැහැ.