කුඩා දරුවාට පහර දුන් වැලිඔය නරුමයා ඇල්ලූ මෙහෙයුම

වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ නිවසක දරුවෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම වීඩියෝවේ කුඩා දරුවාට පහර දෙන පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු සැකකරු දැරුවද රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.

අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අදාළ සැකකරු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!